ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම සදහා රහස් හුවමාරුවන රාත්‍රි භෝජන සංග්‍රහයන් දෙකක් රවි කරුණානයක සහ මංගල සමරවීර ඇමැතිවරුන්ගේ නිවස්නයන්හි පැවැත්විණි.
රවි කරුණානායක ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට මෙරට මහ කොමසාරිස් කාර්යාලවල සහ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. ඊට අගමැතිවරයා සහ තමන්ද එක්වු බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍ය රාජිත සේනාරත්න පැවැසීය.
මංගල සමරවීර ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිළ සහ වෙනම ප්‍රභූ පිරිසක් සහභාගිකරගෙන රාත්‍රි භෝජන සංග්‍රහයක් ලබා දී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුඵ පරස්පර කදවුර දුර්වල කරන අටියෙනි. සත් ජන යුගයකට සජිත් තේමාවෙන් ප්රචාරක වැඩපිළිවෙලක් සැකසීම එහි අරමුණ වී තිබේ.
මේ අතර ඊයේ රාත්‍රියේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ සාකච්ඡාවට නැවත කල් ගොස් ගොස් තිබේ. එයද ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධ රහස් හමුවකි. එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන් එක්වු එම හමුවේදීද ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට අදාල එක්සත් සන්ධානය සදහා එකගත්වයක් ඇතිකරගෙන ඇත.
ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් එදිනම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබිණි.