ගෝඨා පුරවැසිභාවය ඉවත්කළ ලිපිය මැකොට දෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නිල ලේඛන මේ වනවිට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාටද භාර දී ඇතැයි ද කළම්බො එක්ස්ප්‍රස්වෙත අනාවරණය විය.
ඒ අනුව මෙයට මාස දෙකකට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුව බලා යාමට මත්තෙන් අදාල නිවැරදි කළ පුරවැසිභාවය ඉවත් කළ ලිපි යොමුකරමින් ශ්‍රි ලංකා ගුවන් ගමන් බලපත්‍රයක්ද අලුතින් ලබාගෙන තිබේ.
සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත්තේ අදාල නව ගුවන් ගමන් බලපත්‍රය මෙරට බලධාරින්ට යොමු කරමින් බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් ද කළම්බො එක්ස්ප්‍රස්වෙත් තහවුරු වී ඇත.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් නොකිරීම ගැටලුවක් වනු ඇතැයි මෙතෙක් දේශපාලන වේදිකාවේ විශාල ආන්දෝලනයක් පැවැතිණි.
මෙම නිල ලිපි ලේඛන සමග එම තත්ත්වය සම්පුර්ණයෙන් පහව යනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි