ගෝලීය උණුසුම මේ වනවිට අනතුරුදායක ලෙස ඉහළ යන බවට ලොව විද්‍යාඥයන් අනතුරු අඟවා සිටී .
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ නවතම දත්ත වාර්තාවක දැක්වෙන්නේ 2014 වසරේ සිට මේ දක්වා වන කාලය ලොව වාර්තා වූ උෂ්ණත්වයෙන් අධිකම වසර පහ බව ය.
එම කාලය තුළ ගෝලීය සාගර ජල මට්ටම මෙන්ම ගෝලීය කාබන්ඩයොක්සයිඩ් වායු මට්ටමද සංකේතාත්මක අයුරින් ඉහළ ගොස් තිබේ.
මේ හමුවේ වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය සීඝ්රයෙන් කප්පාදු කළ යුතු බව ලොව විද්‍යාඥයන්ගේ මතයයි.
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ජා පැවැත්වීමට නියමිතව තිබියදී මෙම දත්ත නිකුත්කර තිබේ.