ගෝලීය කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 8 ඉක්මවයි

Picture of අසංක

අසංක

 

ගෝලීය Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට මිලියන අටේ සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව අද දහවල් වනවිට ලොව පුරා කොවිඩ් ආසාධිතයින් ගණන 8,020,742ක් ලෙස ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා අනාවරණය කළේය .

ගෝලීය කොවිඩ් මරණ ගණන මේ වන විට 436,406 දක්වා ඉහල ගොස් ඇත.

මේ වනවිට චීනයේ යළි වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතර බිජිං නුවරින් ආසාදිතයින් 100කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙන බවද වාර්තාවේ.

අතර බිජිං හි සින්ෆාඩි තොග වෙළෙඳපොළ වෙතද විරසය ව්‍යාප්ත වීම නිසා මේ වන විට එයද වසා දමා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙ.