නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් අපි ශ්‍රී ලංකා ව්‍යාපාරයට නායකත්වය දෙන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා ඒක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම මේ වනවිටත් සිදුකෙරේ.
ටාජ් සමුද්‍රා හෝටලයේදී අත්සන් කෙරෙන මෙම ගිවිසුමට දේශපාලන පක්ෂ 28ක් සිවිල් සංවිධාන 30ක් අත්සන් තබා තිබේ.
ඒක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් මහතා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අත්සන් තැබීමෙන් අනතුරුය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අපි ශ්‍රී ලංකා කදවුරේ රුවන් රණතුංග මහතා, ජාතික සමගි පෙරමුණේ අසාත් සාලි මහතා ද ඊට අත්සන් තැබීය.
ඉන්පසුව ඒක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂ විසින් මේ සදහා අත්සන් තැබීම සිදුකෙරෙමින් පවතී.
ඊට අමතරව පක්ෂ නොවන පදනම්, සිවිල් සංවිධාන ආදියද සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.