කොරෝනා වසංගතය දේශපාලනීකරණය කිරීමට ඇමෙරිකානු ජනපතිවරයා හා රාජ්‍ය ලේකම්වරයා උත්සාහ දරමින් සිටින බවට චීනය චෝදනා කර සිටී.
ඇමෙරිකාව ඉදිරියේ මේ මොහොතේ ඇති සතුරා වන්නේ කොරෝනා වසංගතය මිස චීනය නොවන බවද චීන විදෙස් කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර ඇත.
ඒ අනුව ඇමෙරිකානු රජය මේ මොහොතේ අවධානය යොමුකළ යුත්තේ කොරෝනා පරාජය කිරීමට මිස දේශපාලන අර්බුද ඇතිකිරීම නොවන බවද චීන විදෙස් අමාත්‍යාංශය ජාත්‍යන්තර මාධ්‍ය වෙත අද නිවේදනය කර ඇත.
චීනය ඉදිරියටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පූර්ණ සහය ලබාදෙන බවත් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින දිළිඳු රටවල් වෙත සහය ලබාදීමට සියලු දෙන එක්විය යුතු බවත් චීන විදෙස් අමාත්‍යාංශය සඳහන් කර ඇත