චීනයෙන් , හම්බන්තොටට ඩොලර් බිලියනයක ආයෝජනයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ Anhui හි Ma’anshan හි පිහිටි Baowu ස්ටීල් සමූහ ව්‍යාපාරයේ කාර්යාලය වෙත පැමිණි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ශ්‍රී ලංකාවේ පවත්නා ආයෝජන විභවයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හමුවී තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දක්වමින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ, ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශය තුළ සැලකිය යුතු ආකාරයේ ආයෝජනයක් සිදු කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක්, Baowu ස්ටීල් සමාගම විසින් සකස් කිරීමට නියමිත බවයි.

Baowu සමාගම හම්බන්තොට නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක් සිදුකිරීමට සැලසුම් සකස් කරන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.