කොරෝනා වෛරසයට එරෙහිව චීනය විසින් නිෂ්පාදනය කර ඇති විශේෂ එන්නතක් මෙම සතියේ සිට එරට සීජීයැන්ග් ප්‍රාන්තයේ සාමාන්‍ය පුරවැසියන්ටද ලබාදීමට බලධාරීන් පියවර ගෙන ඇත.
චීනය විසින් මෙතෙක් මෙම එන්නත ලබාදීම සිදුකලේ, වැඩි අවදානම් පුද්ගලයින්, ඛාණ්ඩ ලෙස හඳුනාගනිමින්, ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුවය.
නමුත් මෙම සතියේ සිට සීජියන්ග් ප්‍රාන්තයේ වයස අවුරුදු 18 ත් 59ත් අතර ඕනෑම අයෙකුට අන්තර්ජාලය ඔස්සේ ඉල්ලුම් කර මෙම එන්නත ලබාගැනීමේ අවස්තාව චීන බලධාරීන් විසින් සලසා ඇති බව එරට මාධ්‍ය සඳහන් කර ඇත.
එසේ ඉල්ලුම් කරන අයගෙන් තෝරාගන්නා ඉල්ලුම් පත් හිමියන් සඳහා යුආන් 400 ක මුදලකට එන්නතෙන් මාත්‍රා දෙකක් ලබාදීමටද චීන බලධාරීන් කටයුතු යොදා ඇත.
කෙසේ වෙතත් මෙම එන්නත තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමක වන අතර එහි අත්හදාබැලීම් පූර්ණ වශයෙන් අවසන් කර නොමැත.
නමුත් චීනය විසින් පසුගිය ජූලි මස අග සිටම හදිසි ප්‍රතිකාර වැඩසටහනක් යටතේ මෙම එන්නත එරට වැඩි අවදානම් කොටස් වෙත ලබාදීමට කටයුතු කල අතර මේ වනවිට ලක්ෂයකට අධික පිරිසකට එය ලබාදී අවසන් බවද වාර්තාවේ.
චීනය තුල මෙම එන්නතද ඇතුළුව කොරෝනා වෛරසයට එරෙහි එන්නත් හතරක් මේ වනවිට නිපදවා ඇති අතර , ඒවා මෙතෙක් පර්යේෂණ මට්ටමේ පැවතියද , දැනටමත් ඒවා සියල්ල සාර්ථක ප්‍රතිඵල ලබාදී ඇති බවද එරට මාධ්‍ය අනාවරණය කර ඇත .ඵඵ