නව කොරෝනා වෛරසයට එරෙහි චීනය විසින් නිපදවූ එන්නත් හතරක් ලබන නොවැම්බර් මාසයේදී මහජන භාවිතය වෙනුවෙන් නිකුත් කිරීමට සූදානම් බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත
එම එන්නත්වල සායනික අත්හදා බැලීම් මේ වනවිට අවසන් අදියරයේ පවතින බව ද චීනයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත
එම එන්නත් 04 න් තුනක්ම , මේ වනවිටත් චීනයේ කොරෝනා ආසාදනය වූ අත්‍යාවශ සේවා රාජකාරී සිදු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බවද වාර්තා වේ
. සිව්වන එන්නත, කොරෝනා ආසාදනය වූ චීන හමුදා සාමාජිකයින් සඳහා දැනටමත් ලබාදීමට පියවර ගෙන ඇත