චීනය ඉලක්ක කොට දැමූ සංචාරක සීමා තවත් දැඩිවෙයි

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය හේතුවෙන් චීනය ඉලක්ක කොට පැනවූ සංචාරක සීමා තවදුරටත් දැඩි කිරීමට රටවල් රැසක් පියවර ගෙන ඇත.

සිංගප්පූරුව, අමෙරිකාව, රුසියාව, පිලිපීනය, නවසීලන්තය සහ වියට්නාමය යන රටවල් ඒ අතර වේ.

එම රටවල් මේ වනවිට චීන ජාතිකයින් තම රටට ඇතුළුවීම පාලනය කිරීමට දැඩි නීතිමය ක්‍රියාමාර්ග දියත් කර ඇත.

චීනය තුළ සිටින සිය රට වැසියන් ගෙන්වා ගැනීමේ කටයුතු රුසියාව විසින් හෙට ආරම්භ කිරීමට නියමිතය.