ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවිඩ් මර්දන වැඩපිළිවෙළ වෙනුවෙන් අද (31) මෙරටට පැමිණෙන චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm) කොවිඩ්-19 මර්දන එන්නත් මෙරට සිටින චීන ජාතිකයන්ට ලබාදීමට නියමිත බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, අද (31) දිනයේ දී එන්නත් තොගය මෙරට ගෙන එන බවත් ය.
මේ අතර ඊයේ දිනය වන විට පුද්ගලයින් 903,467 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත් රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා ද පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.