චීන තානාපති උතුරේ තෙදින සංචාරයක

Picture of අසංක

අසංක

මෙරට චීන තානාපති කුයි ශෙන්හොං මහතා උතුරේ දින තුනක සංචාරයක් අද(15) ආරම්භ කළේය.

හමුදාවේ දැඩි ආරක්ෂාවක් සහිතව සංචාරය ඔහුගේ සංචාරය ආරම්භවන්නේ වව්නියාවේ සිටය. පේදුරුතුඩුවේ බොහෝ වේලාවක් අද දින ගත කළ චීන තානාපතිවරයා යාපනය පුස්තකාලයද නිරීක්ෂණය කළේය. අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාරවරයා මුණ ගැසුණි.

අද රාත්‍රියේ ඒ මහතා යාපනයේ ගතකරන අතර හෙට දිනයේ යාපනය අර්ධද්වීපයේ බොහෝ ස්ථානවල සංචාරයේ නිරත වීමට නියමිතය. තානාපතිවරයා වෙනුවෙන් ආණ්ඩුකාරවරයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද අද සංවිධානයකර තිබේ.

පේදුරුතුඩුවේ ඔහු ගතකළ කාලය තුළ ඩ්‍රෝන කැමරාවක් උඩු ගුවනේ සැරිසරා ඇත.

අතුරු පළාතේ සංවර්ධන කටයුතු හා වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් වේ.