මහ මැතිවරණයට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර යොදා ඇත.
මේ අනුව කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළේ සිට අතිරේක දුරගමන් සේවා බස් රථ 200 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇත.
පෞද්ගලික බස් රථ ද එම වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා මාධ්‍ය වෙත පැවසීය