මැතිවරණ උණුසුම පවතින මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව අන්තවාදය මතුකරන ක්‍රියාවලියක් රියාත්මක වන බව කැෆේ සංවිධානය පවසයි.
ප්‍රසිද්ධ මැතිවරණ ජනහමු තුළ පවා ආගමික අන්තවාදය මතුකරන ආකාරයේ ප්‍රකාශ ඉස්මතු වෙමින් පවතින බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
මෙම තත්වය ඉදිරියේදී වාර්ගික ගැටුමක් දක්වා වූවද වර්ධනය කරවිය හැකි අවානමක් පිළිබදවද කැෆේ සංවිධානය පෙන්වා දී තිබේ.
එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා බාධා පමුණුවන බැවින් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇති බව එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගී අරියවංශ මහත්මිය සඳහන් කළාය.