ඡන්දෙ කාලේ මුල්ගලක් තිබ්බත් කියන්න- මැකො

Picture of අසංක

අසංක

රාජ්‍ය උත්සව සහ රාජ්‍ය දේපළ භාවිත කර පක්ෂ, අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටී .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ සහ මැතිවරණ කොමිසමේ විධිවිධානවලට අනුව එය දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද කොමිසම පවසයි.

එහෙත් මහජන මුදල් වැය කරමින් කරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම් සහ ජනතා අයිතියට පැවරීම් යනාදී උත්සවවලදී දේශපාලනඥයින් ප්‍රවර්ධනය කෙරෙන බවට පැමිණිලි ලැබෙමින් පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

එවැනි අවස්ථා පිළිබඳ පැමිණිලි කොමිසමට ඉදිරිපත් කරන්නැයි ද ජාතික මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙයි.