මැතිවරණ නීති උල්ලංඝණය කළ දේශපාලන ආධාරකරුවන් 203 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණ නීති උල්ලංඝණයට අදාලව රථවාහන 60 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
එම වාහනවලින් දෙකක් රජයේ වාහන බව පොලිස් මැතිවරණ කාර්යාල තොරතුරු පවසයි.
අත්අඩංගුවට ගත් දේශපාලන ආධාරකරුවන් අතර අපේක්ෂකයන් දෙදෙනෙක් සිටි.
ඒ දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්වලිනි.
මැතිවරණයට අදාල පැමිණිලි 180 ක් අද වන විට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවලට ලැබී ඇත.
එම පැමිණිලි අතර පැමිණිලි 142 ක්ම ඇත්තේ මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් බවත් ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් ඇත්තේ පැමිණිලි 38 ක් පමණක් බවත් පොලිස් මූලස්ථානය සදහන් කරයි.