ඡන්ද පොළේ පෝලිම් ගණන වැඩි කරයි

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණයට අදාළව මේවනවිට පැවැත්වෙන ඡන්ද විමසීමේ දී මේ වන තුරු කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මාධ්‍ය උපමාන අනුව කටයුතු නොකළ ආයතනවලට මැතිවරණ ප්‍රතිඵල ලබා නොදීමට අවධානය යොමුව ඇති බව සභාපතිවරයා පවසයි.

ඒ පිළිබඳ අද සවස කොමිෂන් සභාව රැස් වී  සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බව අද (16) උදෑසන  පැවති සජීවී මාධ්‍ය වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේය.

ඡන්ද පත්‍රිකාව ඉතා දිගු නිසා ඡන්ද මධ්‍යස්ථානයක පෝලිම් 03ක් යෙදීමට තීරණය කර ඇත.

අද සවස 5.00 වන තෙක්ම දිගු පෝළිමක් තිබේදැයි සැකසහිත බැවින් මෙම තීරණය ගත් බව ඒ මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් මේ වන තුරුද වාර්තා වී නොමැති වීම අගය කරන බවත් දේශප්‍රිය මහතා පැවසීය.