ඡන්ද විමසීම සාමකාමීව අවසන්

Picture of අසංක

අසංක

2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය ඡන්දය ප්‍රකාශ කිරීම අද (05) පස්වරු 5.00ට අවසන් විය.

පෙර තිබූ මැතිවරණ වලට සාපේක්ෂව මෙවර 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය ඉතා සාමකාමීව සිදු වූ බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර සිටී. මේ අතර ඡන්ද විමසීම සෞඛ්‍ය ආරක්ෂිතව සහ සාමිකාව පැවැති බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරින් ද ප්‍රකාශ කරයි.

මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ විට ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු වෙමින් පවතින අතර හෙට දිනයේ දී (05) මෙම ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල දැඩි රැකවල් මධ්‍යයේ තබා තැබීමට නියමිතයි.

ඒ අනුව, හෙට දිනයේ දී ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,885 ක සුදුසුකම් ලැබූ ලියාපදිංචි ඡන්ද දායකයින් 16,263,885 පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.

මෙරට පවතින COVID-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් මෙවර මැතිවරණ කටයුතු පවත්වන ලදී.