ජගත් මහලේකම්ගෙන්  මියන්මාරයේ අර්බුදයට  විරෝධය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සමඟ හටගත් බිහිසුණු තත්ත්වය පිළිබඳව දැඩිලෙස  විරෝධය පළ කර ඇත.

 

එම බිහිසුණුකාරී වාතාවරණය තුළ දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව හා තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳව ගුටරේස් මහතා දැඩි කලකිරීමෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත

 

එරට හමුදා කුමන්ත්‍රණයට එරෙහි ව ගෙන යන සාමකාමී උද්ඝෝෂනවලට මාරක ප්‍රහාර එල්ල කිරීම සහ අත්තනෝමතික අන්දමින් පුද්ගලයින් අත්අඩංගුවට පත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඔහු අවධාරණය කර ඇත..

 

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙම හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය පළ කරන බවත්, එමඟින් මියන්මාර වැසියන්ගේ පරමාධිපත්‍යයට ගරු කිරීමට එරට හමුදාවට බල කර සිටින බවත් එම මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.