ජගත් මහලේකම් ලංකාවට යුතුකම් මතක් කරයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින ශක්තිමත් සබඳතා එලෙසින්ම ඉදිරියට ගෙනයාම සඳහා දෙපාර්ශවයම කැපවී කටයුතු කල යුතු බව ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා අවධාරණය කර සිටී .

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ නව ශ්‍රී ලංකා තානාපතිනි ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සමග ඊයේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පවතී හමුවකදීය .

මෙම සබඳතා ඉදිරියට ගෙනයාම දෙපාර්ශවයම වගකීමක් ලෙස සැලකිය යුතු බවද ගුටෙර්ස් මහතා මෙහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හා මානව හිමිකම් වර්ධනය සඳහා ජගත් සංවිධානය සහය ලබාදෙන බවද ගුටෙරස් මහතා මෙහිදී සඳහන් කර ඇත.