ජගත් සංවිධාන නියෝජිතයෙක් දිවයිනට

Picture of අසංක

අසංක

ආගම හා විශ්වාසයේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ් මහතා අනිද්දා ( 15) දින විශේෂ නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ඒ මහතා ලබන 26 දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිත අතර මෙරට ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතය

ශ්‍රී ලංකාව තුල ආගමික හා විශ්වාසයේ නිදහස සඳහා ඇති අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන්නේ හා ආරක්ෂා කරන්නේ කෙසේදැයි සොයා බැලීම ෂහීඩ් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බව ජගත් සංවිධානය නිකුත් කල නිවේදනයක දැක්වේ.

විවිධ ආගමික ප්‍රජාවන් අතර සාමකාමී සහජීවනය වර්ධනය කිරීමට හා පවත්වාගෙන යාමට රජය ගන්නා උත්සාහයන් පිළිබඳව නිරීක්ෂණය කිරීමටද ෂහීඩ් මහතා මෙම සංචාරයේදී කටයුතු කරනු ඇත.

දින 12 ක තම ලංකා සංචාරය අතරතුර අහමඩ් ෂහීඩ් රජයේ නිලධාරීන්, ආගමික හෝ විශ්වාස ප්‍රජාවන්ගේ නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන සහ එක්සත් ජාතීන් හමුවනු ඇත.