ජනපතිගේ මාස 3ක වැටුප කොරෝනා අරමුදලට

Picture of අසංක

අසංක

ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය තෙමසක වැටුප කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ඔහු සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල මෙසේ පරිත්‍යාග කර ඇත.

අදාළ චෙක්පත ජනාධිපතිවරයා විසින් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.