කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කාන්ත බල මණ්ඩල භාණ්ඩාගාරිකවරියක අත්අඩංගුවට ගෙන තිබේ.
සයිබර් අපරාධ කොට්ඨාසය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පදිංචිකාරියකි.
ජනාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී ඇතැයි ඇය විසින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
ප්‍රශ්න කිරීමේ දී ඇය පවසා ඇත්තේ විහිළුවට මෙන් එය සිදුකළ බවයි.
රට කොරෝනා වසංගතය භීතියක සිටින මෙවැනි අවදියක රජයේ නිල නිවේදනයක් හැර කිසිදු තොරතුරක් බෙදාගැනීමෙන් වළකින ලෙසට දන්වා තිබියදී මෙලෙස අසත්‍ය පැතිරීම වරදක් ලෙස මීට පෙර ආරක්ෂක අංශ පෙන්වා දී තිබිණි.
ඇය නර්තන ශිල්පිනියක් බව ද පැවසේ.