“ජනපතිවරණයේදී මම එනවා”- ගෝඨාභය

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එළඹෙන ජනාධිපතිවරණය සදහා තමන් තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ,රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටී.

තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කලහොත් පළමුව රටේ බුද්ධි අංශය ශක්තිමත් කොට ඉස්ලාම් අන්තවාදින් පරාජය කිරිමට කටයුතු කරන බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ (26) පස්වරුවේ මෙම සාකච්ජාවට එක්වෙමින් සඳහන් කර සිටියේය

තමන් රටේ බුද්ධි අංශ ශක්තිමත් කොට තැබු බවත් එය මේ දක්වා පවත්වා ගෙන තිබුනා නම් අද මෙවන් තත්ත්වයක් ඇති විමට ඉඩ නොතිබෙන්නට තිබු බවත් මෙහිදී ඔහු සදහන් කර සිටියේය .

වත්මන් රජය , සහජිවනය, මානව හිමිකම් සහ පුද්ගල නිදහස කියන කරුණු සමග ජාතික ආරක්ෂාව කවලම් කර ගත් බවත් රටේ ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් තමන් කැපවෙන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම සාකච්ජාවට එක්වෙමින් පැවසීය

සිදුවිම සම්බන්ධයෙන් තමන්ට තොරතුරු නොලැබුනු බවට ඇතැමුන් තවත් පිරිසකට චෝදනා එල්ල කරමින් සිටින නමුත් ,. තවමත් මෙම අන්තවාදි කණ්ඩායම මෙතරම් ශක්තිමත් වුයේ කෙසේද යන්න ගැන නිසි පිළිතුරක් ලබා දිමට කිසිවකුත් සමත්වි නොමැති බවද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය . 2011 වර්ෂය වන විට මෙරට බුද්ධි අංශයේ සාමාජිකයින් 5000 කට ආසන්න පිරිසක් සිටිය බවත් ඔවුන් මනා පුහුණුවකින් හෙඹ් පිරිසක් බව හිටපු ආරක්ෂක ලේකම් පැවැසීය