‘ජනපතිවරණයේදී හම්බන්තොට රාජපක්ෂ බලමුළුව බිඳ නියත ජය එජාපයට’ – රාජ්‍ය ඇමති දිලිප්

Picture of අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්‍ෂය නියත වශයෙන්ම ජයගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර් ධන රාජ්‍ය අමාත්‍ය , හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ බලමණ්ඩල සභාපති , තංගල්ල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

“පක්‍ෂයෙන් ඇත් වී සිටි සියළුදෙනා නැවත පක්‍ෂය වටා ඒකරාශී කරගැනීමට ලැබීමත් විශාල ජයග්‍රහණයක්. විපක්‍ෂයේ පොහොට්ටුවෙන් කණ්ඩායම් ගැලවී යද්දී අපි වටා කණ්ඩායම් එක්වීම තමයි ජයග්‍රහණයේ පෙරනිමිති. දැන් බලන්න රටේ ක්‍රියාත්මක වර්ජන රැල්ල , මේ වර්ජන රැල්ල මෙහෙයවන්නේ පොහොට්ටුවෙන් බව අද රහසක් නෙමෙයි. බලය වෙනුවෙන් ජනතව බිල්ලට ගැනීම ඒ අයට හුරු පුරුදු දෙයක්. එකෙන් පැහැදිලියි ජනාධිපතිවරණය ජයගන්න බැරි බව දන්නා පොහොට්ටුව ජනතාව හිංසනයට ලක් කරන්න කරන වැඩ. මෙවැනි කුමන්ත්‍රණ නැවත්වීම සදහා අද ජනතාව එක්සත් ජාතික පක්‍ෂය වටේ රොක්වෙමින් සිටිනවා. ඒක නවත්වන්න සක්‍රයටවත් බැහැ.”

 “අපි අද තීරණය කළා සැලසුම් කළා එක්සත් ජාතික පක්‍ෂය නොවැම්බර් 16 දින ජයගන්න කොට දිස්ත්‍රික්කයත් ජයගැනීමේ වැඩපිළිවෙල. පොහොට්ටුව වැඩවර් ජන රැල්ලක් නිර් මානය කරමින් දේශපාලනය කරද්දී අපි එක්සත් ජාතික පක්‍ෂය වශයෙන් ජතාතවගේ කැමැත්ත දිනාගනිමින් මැතිවරණයේ ජය වෙනුවෙන් ජනතාව සමග එක්ව කටයුතු කරමින් ඉන්නවා. මේක තමයි වෙනස. වසර 29 කට පස්සේ තමයි අපිට මෙවැනි අවස්ථාවක් ලැබිලා තියෙන්නේ.” යැයි දිලිප් වෙදආරච්චි මහතා කියාසිටියේය.