මෙරට ජනතාවට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ඉන්දියාවෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 10ක් අමෙරිකානු ඩොලර් 52.5ක මුදලකට මිලදී ගැනීමට අපේක්ෂිත ය.
බ්‍රිතාන්‍යයෙන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 3.5ක් මිලදී ගැනීමට ද අපේක්ෂා කෙරේ.
මෙම එන්නත් මිලදී ගැනීම සිදුකරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසිනි.
කොවැක්ස් පහසුකම යටතේ මෙරට ජනතාවගෙන් මිලියන 14කට එන්නත් ලබාදීමට එන්නත් මාත්‍රා මිලියන 28ක් ලබාගැනීමට අවශ්‍ය අනුමැතිය මෙහිදී ලබාදී ඇත.
අදියර දෙකක් ලෙස එම එන්නත් ලබාගැනීමට අපේක්ෂිත ය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද කොවිඩ් මර්දන එන්නත ලබාගත් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් තහවුරු කළේය.