ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවැක්ස් පහසුකම යටතේ මෙරට ජනතාවගෙන් මිලියන 14කට එන්නත් ලබාදීමට එන්නත් මාත්‍රා මිලියන 28ක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.
අදියර දෙකක් ලෙස එම එන්නත් ලබාගැනීමට අපේක්ෂිත ය.
ඒ අනුව මෙරට ජනතාවට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ඉන්දියාවෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 10ක් අමෙරිකානු ඩොලර් 52.5ක මුදලකට මිලදී ගැනීමට අපේක්ෂිත ය.
බ්‍රිතාන්‍යයෙන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 3.5ක් මිලදී ගැනීමට ද අපේක්ෂා කෙරේ.
මෙම එන්නත් මිලදී ගැනීම සිදුකරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසිනි.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද කොවිඩ් මර්දන එන්නත ලබාගත් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් තහවුරු කළේය.