දම්පත් රණසිංහ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාව අවසන් වී තිබේ.
ඒ අනුව සියලුම අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයට අද පස්වරු 5ට කැඳවීමට අගමැතිවරයා දන්වා ඇත.
ජනපති-අගමැති විශේෂ හමුවක්
දම්පත් රණසිංහ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර මේ වනවිට විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.
ආණ්ඩුව කරගෙනයාම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට නව කැබිනට්ටුවක් පත්කර ගැනීමට ඉඩ දී අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් වන්නේද නැතිනම් මහමැතිවරණයකට යන්නේද යන්න පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.