ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් එක්තරා දේශපාලන පක්ෂයකට සහයෝගය දෙන බවට පළවන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍යයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් පවසයි.
ෆේස්බුක් සමාජ ජාලය පුරා තමන් එලෙස ජනපති අපේක්ෂකයකුට සහය දෙන බවට ව්‍යාජ පෝස්ටු ගණනාවක් පළවනු තමන් දුටු බැවින් මෙම ප්‍රකාශය කරන බව ඔහු කියාසිටියි.
හෙතෙම පෙන්වාදෙන්නේ තමන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයකුට සහය නොදෙන බවයි.