ජනාධිපති අපේක්ෂකවරුන් , දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතාගේ ප්රධානත්වයෙන් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වේ.
මෙම සාකච්ඡාවට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් හා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට දැනුම් දුන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගී වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
මෙහිදී නාමයෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු මැතිවරණ නීති සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.