ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ තම පුතුගේ උපාධි ප්රදානෝත්සවය ට සහභාගි වීම සඳහා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
දහම් සිරිසේනගේ උපාධි උත්සවය වෙනුවෙන් ජනාධිපතිවරයා විදේශගත වූයේ අද දහවල් කාලයේදී ය.
විදේශගතවීමට පෙර වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත් කර තිබේ.