ජනපති වෙන්න ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනෙක් ඇප තියයි

Picture of අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනෙක් අද ඇප තැබීම අද සිදු කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.අමරසිංහ යන මහත්වරුන් ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

මැතිවරණ කොමිසම පවසන්නේ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 20කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වනු ඇති බවයි.

තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරි දින 10 තුළ භාරගැනෙන අතර ඒවා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියාට භාරදිය යුතුය.

අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට රාජ්‍ය උත්සව පැවැත්වීම තහනම් වේ.

ඉදිරි දිනවලදී රජයේ නිලධාරීන් ස්ථාන මාරු කිරීම ද නීතිවිරෝධී ය.