ජනපති සටනට 41ක් – ඡන්ද පත්‍රිකාව අඩි 2ක්

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර අපේක්ෂකයන් 41 දෙනෙකු තරග වැදීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව ද අඩි 2ක් පමණ දිගු වනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

අද දහවල් 12න් අවසන් වූ ඇප මුදල් තැන්පත් කිරීමේ කාලසීමාව තුළ ස්වාධීන අපේක්ෂකයන් 19ක් පිළිගත් දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් 19ක් හා ලියාපදිංචි නොකළ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් 3 දෙනෙකු ද ඇප මුදල් තැන්පත් කර ඇත.

මෙරට දේශපාලන ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය ද මෙයයි.