දම්පත් රණසිංහ
“අද උදෙත් ජනාධිපතිතුමා මට කතා කරලා ඇහුවා දැන් කොහොමද තත්වෙ. වැඩ ටික හොඳට කෙරීගෙන යනවද කියලා. ජනාධිපතිතුමා 100%ක්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවන්න එකට, හදවතින් ඉන්නවා කියලා මම ඔබලාට කියන්න කැමති” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
හෙට්ටිපොළ පැවැති ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ රැස්වීමේදී හෙතෙම මේ බව කියාසිටියේය.
“මං ආදරේ කරන චන්ද්‍රිකා මැතිනිය මේ ළගඳි මට බැනලා තිබ්බා. වෙල්ගමත් මට බැනලා තිබ්බා. මට ඒක ප්‍රශ්නයක් නෑ.මොකද අපි දේශපාලන පක්ෂයක් හැටියට තීන්දුවක් ගත්තා. 1968 දී බණ්ඩාරනායක මහත්තයා යූඇන්පීයෙන් එළියට බැහැලා ශ්‍රීලනිපෙ හැදුවේ අවුරුදු 68කට පස්සේ ආයේ යූඇන්පීයේ එල්ලන්න නෙවෙයි කියලා මම මතක් කරන්න කැමතියි” යැයිද ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.