13 න් වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කර, ලැබුණු ජනවරමට සාධාරණයක් ඉටු කරන ලෙස සිංහල වීර විදහන ජාතික සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
මෙම 13 න් වන සංශෝධනය රටේ ඒකීයභාවයට බාධාවක් වන අතරම රටේ ආර්ථිකයටද අනවශ්‍ය බරක් පටවා ඇති බව ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් එම සංවිධානය අවධාරණය කර ඇත.
එක රටක එක නීතියක් ක්‍රියාත්මක කිරීමේ ජනපතිවරයාගේ වැඩපිලිවෙලටද මෙම 13 වන සංශෝධනය බාධකයක් වන බව වසර 25ක් පුරා ජාතික මෙහෙවරක නිරතව සිටින තම සංවිධානයේ අදහසයැයි සිංහල වීර විදහන, මෙම ලිපියේ සඳහන් කර ඇත .
ජනපතිවරයා වෙත යොමු කර ඇති මෙම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.