ජනවාරියේ දී 138 දෙනෙක් අතුරුදන්

Picture of අසංක

අසංක

මෙම වසරේ ජනවාරි මාසය තුළ පමණක් පුද්ගල අතුරුදන්වීම් 138ක් ගැන පොලීසිවලට පැමිණිලි ලැබී ඇත.

මෙම පුද්ගල අතුරුදන්වීම් පොලීසිය විසින් සිය පොත්වල වාර්තාකරනු ලබන්නේ ආගිය අතක් නොමැති පුද්ගලයින් ලෙසිණි.

ජනවාරි මාසයේ පුද්ගල අතුරුදන්වීම් නැතහොත් ආගියඅතක් නොමැති පුද්ගලයින් 138 දෙනා සම්බන්ධයෙන් යම් විශ්ලේෂණයක් කළ විට පෙනී යන්නේ වයස අවුරුදු 10ට අඩු අතුරුදන්වීම් 03ක් වාර්තා වී ඇති බවය. වයස අවුරුදු 11ත් 20ත් අතර පුද්ගල අතුරුදන්වීම් ගණන 28කි. එසේම වයස අවුරුදු 21ත් 30ත් අතරත් 21ත් 40ත් අතරත් වාර්තා වී ඇති පුද්ගල අතුරුදන්වීම් ගණන 30 බැගිනි.

වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් ජනවාරි මාසයේ අතුරුදන්ව ඇත්තේ 16ක් පමණි. එසේම වයස අවුරුදු 51ත් 60ත් අතර පුද්ග අතුරුදන්වීම් වර්තා වන්නේ 15කි.

මෙම සංඛ්‍යාදත්ත විශ්ලේෂණයේදී වයස අවුරුදු 61ත් 70ත් අතර පුද්ගල අතුරුදන්වී ඇත්තේ 11ක් පමණි. 71 ත් 80ත් අතර පුද්ගල අතුරුදන්වීම් ගණන වන්නේ 03කි. එසේම අවුරුදු 81ත් 90ත් අතර ද පුද්ගල අතුරුදන්වීම් 02ක් ජනවාරි මාසය තුළ වාර්තතා වී ඇත.

මෙම සංඛ්‍යා දත්ත නිරීක්ෂණයේදී පෙනී යන වයස අවුරුදු 10ට අඩු අතුරුදන්වීම් 03ම සිදුව ඇත්තේ මවත් සමඟම දරුවන් අතුරුදන් වීමකි.

අතුරුදන්වීම් නැතිනම් ආගිය අතක් නොමැති පුද්ගල පැමිණිලි පොලිස් පොත්වල ලියැවුණත් එම පුද්ගලයින් නැවත හමුවීද? යන්න පිළිබදව පසු විපරමක් පොලීසිය පැත්තෙන් සිදුවන බවක් නම් පෙනෙන්නට නැත. පොලිස් සංඛ්‍යාදත්ත වල පවා පුද්ගල අතුරුදන්වීම් සටහන් වූවත් නැවත මේ අයගෙන් කීදෙනෙක් සොයා ගෙන තිබේද? ඒ අයට කුමක් සිදුවීද? යන්න ගැන කිසිදු සටහනක් වාර්තා වන්නේ නැත.

බත්තරමුල්ල පැලවත්තේ නිවසක නාන තටාකයක තිබී පසුගිය 02 වෙනිදා හමුවූ ව්‍යාපාරිකයා පවා මළ සිරුර හමුවන තුරුම පසුගිය 30 වෙනිදා සිට පොලිස් පොත්වල සටන්ව තිබු‍ණේ පුද්ගල අතුරුදන්වීමක් ලෙසිණි. අතුරුදන්වූ පුද්ගලයෙකුගේ මළ සිරුර හමුවී ඇති බව හෝ අතුරුදන්වූ පුදද්ගලයා හමුවී ඇති බවක් හෝ පොලිස් සංඛ්‍යා දත්තවලට ඇතුල් නොවන බැවින් අතුරුදන්වූ පුද්ගලයින් නැවත හමුවූවත් ඒවා වාර්තා වී තිබෙන්නේ පුද්ගල අතුරුදන් ලෙසිනි.

මෙම සංඛ්‍යා දත්ත සටහන් කිරීමේ දෝෂය හේතුවෙන් බොහෝ විට ජාත්‍යන්තරය හමුවේ මෙරට පුද්ගල අතුරුදන්වීම් ගැන ඇත්තේ අපකීර්තිමත් සංඛ්‍යා දත්තයකිත මෙම දත්ත බොහෝ විට යොදා ගනු ලබන්නේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙරට කීර්ති නාමයට හානි කිරීමටය.