ජනවාරි මාසයේදී, විදෙස් සංචාරකයින් 77000ක් මෙරටට ඇවිත් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 වසරේ ජනවාරි මස 01 වනදා සිට 29 වනදා දක්වා කාලය තුලදී විදේශීය සංචාරකයින් 76, 538 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍යංශය පවසයි .

එලෙස පැමිණි ඇති විදේශිකයින්ගෙන් වැඩි පිරිසක් රුසියානු ජාතිකයින් බවද  එම අමාත්‍යංශය පැවසුවේය .

එම සංඛ්‍යාව 12, 368 ක්. ඊට අමතරව ඉන්දියානුවන් 11, 028 දෙනෙකු, යුක්රේන ජාතිකයින් 7, 427 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 6, 929 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 4, 902 දෙදෙනෙකු හා ප්‍රංශ ජාතිකයින් 3, 337 දෙනෙකු ද අදාළ කාල සීමාව තුලදී සංචාරකයින් ලෙස මෙරටට පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යංශය පැවසුවේ.

ඉකුත් වසරේ ජනවාරි මාසය තුලදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 1, 682 දෙදෙනෙකු පමණයි.