ජනාධිපතිවරණයට මුස්ලිම් කොංග්‍රසය තනිවම එයි ?

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කල යුතු බවට වන යොජනාවක මේ වනවිට පක්ෂය තුලින්ම මතුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී .

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා මුස්ලිම් කොන්ග්‍රසයෙන්ද අපේක්ෂකයකු ඉදිරිපත් කල යුතු බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ටයින් පිරිසක් යෝජනා කර ඇත.

මේ අතර තම පක්ෂය සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි යන්න , මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය.

එකසත් ජාතික පක්ෂය මේ වන තෙක්ම තම ජනාධිපති අපේක්ෂකයා කවුදැයි නිශ්චිතව පවසා නැතිවීම කණගාටුවට කරුණක් යයිද ඔහු මාධ්‍ය වෙත අද පැවසීය