ජනාධිපතිවරණයේදී නීතිය හා සාමය ආරක්ෂා කරන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්

Picture of අසංක

අසංක

රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් අපක්ෂපාතී හා ස්වාධීන මැතිවරණයකට කැප වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසිය හා ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දී ඇත.

මෙරට සංචාරයක නිරත නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙප් බ්ලොක් මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද පෙරවරුවේ පැවති හමුවේදී මේ පිලිබඳ කරුණු අනාවරණය විය .

ආරක්ෂක අංශ වෙත තමන් ලබාදී ඇති එම උපදෙස් පිළිබඳව ජනපතිවරයා මෙහිදී බ්ලොක් මහතා වෙත ප්‍රකාශ කල අතර මෙවර ජනාධිපතිවරණයේදී තමන් නිර්පාක්ෂිකව කටයුතු කරන බවද පැවසීය .

මැතිවරණය ඉතා සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම දුෂණවලින් තොර මැතිවරණයක් වනු ඇති බවට තමාට සහතික විය හැකි බව ද ජනාධිපතිවරයා මෙම හමුවේදී ප්‍රකාශ කළේ ය.