ජනාධිපතිවරණය කැදවීමේ බලය හෙට සිට මැතිවරණ කොමිසමට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා හෙට සිට ජාතික මැතිවරණ කොමිසමට ව්‍යවස්ථාපිත බලය හිමි වන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (09) ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ජන්දය පැවැත්විය හැකි ආසන්නතම දිනය නොවැම්බර් 15 වන බැවින් සත්‍ය වශයෙන්ම කොමිසමට මැතිවරණයක් කැඳවීමට බලය ලැබෙන්නේ සැප්තැම්බර් 15 දින සිට වන බවද අද පවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය

ජනාධිපතිවරණය නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර දිනකදී පැවැත්වීමට ඉඩ පවතින බවද එහිදී ඒ මහතා පැවසීය .

නාමයෝජනා දැන්වීම නිකුත් කල හැකි අන්තිම දිනය ඔක්තෝබර් 15 වන බවද ඒ මහතා පැවසීය