ජයග්‍රාහී පොහොට්ටුවට ජපානය කිව්ව දේ

Picture of අසංක

අසංක

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලද ජයග‍්‍රහණය වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා එක්කරන බව ජපාන රජය සඳහන් කර සිටී

නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපති කාර්යයාලය සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී, නිදහස් සහ සාධාරණව පැවැත්වීම ජපාන රජය සතුට පළ කරන බවය.

මෙම මැතිවරණය තුළින් තවදුරටත් ශක්තිමත් වූ ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලීනව ස්ථාපිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය පිළිබඳව ප‍්‍රශංසාව පළ කරන බව ද එම නිවේදනයේ සඳහන්වේ.

එමෙන්ම, ශී‍්‍ර ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදිරි සංවර්ධනය උදෙසා ගනු ලබන ප‍්‍රයත්නය කෙරෙහි, ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වශයෙන් ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ද ජපාන තානාපති කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කර ඇත..