ජවිපෙන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක්

Picture of අසංක

අසංක

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ හෙට දිනයේදී එය කථානායකවරයාට භාරදීමට නියමිත බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජාතික ආරක්ෂාව අවදානමකට ලක්කිරීම, එය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් මෙම විශ්වාසභංගය ගෙන එන බව සඳහන් ය.