ජවිපෙ ජනපති අපේක්ෂකයා අතිපිරිසිදු ‘රියල් පොරක්’ – නාමල්

Picture of අසංක

අසංක

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා හොරකම්, දූෂණ කිසිවක් නැත ” නියම රියල් පොරක්” බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න මහතා පවසයි.

විමුක්ති පෙරමුණ, ආචාර්ය මහාචාර්යවරු, කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තීයවේදීන් හා පූජ්‍ය පක්ෂයෙන් යුත් සංවිධාන 30කට ආසන්න ප්‍රමාණයක එකමුතුවෙන් මෙම මස 18 වනදා වන විට ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කරයි.

රටට ආදරය කරන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගත් අයකු යෝජනා කරන බව හෙතෙම කියා සිටියි.

පෞද්ගලික පරමාර්ථයන්ගෙන් තොරව රටට ආදරය කරන මහා දැවැන්ත බලවේගයක් ගොඩනැගී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.