ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා දෙදෙනකු මරාදැමීම සම්බන්ධයෙන් ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට අධිකරණය විසින් අද මරණ දඬුවම නියම කෙරිණ.
ඒ 2012 ජුනි 15 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරිමේ චෝදනාවට වරදකරු වීමෙනි.
තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විසින් ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
එම වෙඩි තැබීමෙන් මියගියේ කටුවන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ අවුරුදු 18 ක තරුණයෙකි.