ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන තිබීමේ සාධකය අත්‍යාවශ්‍ය කරුණක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව විසින් ප්‍රකාශ කර සිටි.
කොවිඩ් මර්ධන එන්නත ලබා නොගත් පුද්ගලයින්ට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා එක්වීමට අවසරය ලබා නොදිය යුතු බවට විවිධ පාර්ශව විසින් කරන ප්‍රකාශ සම්බන්ධව සිය ස්ථාවරය පැහැදිලි කරමින් එම කමිටුව මේ බව අවධාරණය කර ඇත
තහවුරු වූ එන්නත්කරණය පදනම් කර කරගනිමින් ජාත්‍යන්තර සංචාර සඳහා අවසර ලබාදීම මගින් එන්නත් ලබා ගැනීමට අපහසුවී සිටින අඩු ආදායම් ලාභී රටවලට ආසාධාරණයක් ඇති වන බව මෙහිදී කමිටුවේ විශේෂඥයින් පෙන්වා දී ඇත ..
යුරෝපා සංගමය විසින් සිය සංගමයට අයත් රටවල් 27 සඳහා ඩිජිටල් කොවිඩ් සහතික පත හඳුන්වාදීම මේ මස මුලදී සිදුකළ අතර එමගින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයින්ට බාධාවකින් තොරව නිදහසේ ගමන් කිරිමට හැකියාව එමගින් ලබාදී තිබේ.