ජාතික පොලිස් කොමිසමේ සභාපති ඇතුළු 3ක් ඉවතට

Picture of අසංක

අසංක

ජාතික පොලිස් කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් තිදෙනෙක් ඉවත් කොට තිබේ.

ඒ වෙනුවට නව සභාපති ලෙස විශ‍්‍රාමික රාජ්‍ය පරිපාලන නිලධාරීන් වන තිලක් කොල්ලුරේ මහතා සභාපති ලෙස පත්කර ඇත.

ඒ ව්‍යවස්ථාදායක සභාව විසිනි.

තිලක් කොල්ලුරේ මහතා ජාතික පොලිස් කොමිසමේ හිටපු සාමාජිකයෙකි.

හිටපු පොලිස්පතිවරයකු වන ප‍්‍රෑන්ක් ද සිල්වා, ඇන්ටන් ජෙයනාදන් යන පොලිස් කොමිසමේ සාමාජිකයන් සහහිටපු සභාපති ජේ.එච්. මනතුංග ඉවත් කර ඇති සාමාජිකයන් තිදෙනායි.

ඒ වෙනුවට ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කර ඇති අය අතර විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන අශෝක විජේතිලක සහ ගාමිණී නවරත්න මහතා ද වේ.

19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපනය කරන ලද පළමු ජාතික පොලිස් කොමිසම ඉකුත් නොවැම්බර් 14 වැනිදා සිය වසර 3ක නිල කාලය අවසන් කළේය.

ඒ වෙනුවට දෙවැනි පොලිලිස් කොමිශන් සභාව මෙතෙක් කලක් පත් කර තිබුණේ නැත.

කෙසේවෙතත් 19 වැනි ව්‍යවස්ථාවට අනුව නව කොමිසම පත්කරන තෙක් හිටපු සාමාජිකයන්ට කටයුතු කරගෙන යාමට හැකියාව පවතී.

ඒ අනුව මෙතෙක් කලක් 7 දෙනකුගෙන් යුත් කොමිසම කටයුතු කර තිබුණි.

මහාචාර්ය සිරි හෙට්ටිගේ, සාවිත‍්‍රි විජේසේකර, වයි.එම්.එල්. තවාහීර්, තිලක් කොල්ලුරේ යන මහත්වරුන් සිව්දෙනා හිටපු සාමාජිකයන් ලෙස කටයුු කරයි.

වයස අවුරුදු 80 ඉක්මවීමෙන් පසුව කොමිසමේ කටයුතු කළ නොහැකි අතර මෙලෙස ඉවත් කරන ලද්දේ එම වයස් සීමාව ඉක්මවන ලද සාමාජිකයන් ය.

දම්පත් රණසිංහ