ඉෂාර රත්නකාර
ජාතික රණවිරු දිනයට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 38 දෙනකුට උසස්වීම් ලබාදී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මෙම උසස්වීම් ලබාදී ඇත.
යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල්වරුන් දෙදෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන් 07 දෙනකු කර්නල් නිලයටත් නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනකු කර්නල් නිලයටත් උසස් කර ඇති බව යුද හමුදා මූලස්ථානය නිවේනය කරයි.
මෙලෙස උසස්වීම් ලද සියලුම යුද හමුදා නිලධාරීන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.



