ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වෙලා ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය 05 වැනිදා තමන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහ ලේකම්වරයා වෙත යැවූ බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා thecolomboexpress.com අප කල විමසීමේදී කියා සිටියා.

ඉදිරියේදී ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වීමේ අපේක්ෂාවෙන් තමන් ඉල්ලා අස්වූ බව වැඩිදුරටත් ඒ මහතා අප වෙත සදහන් කරා.

පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයෙක් වූ සාලින්ද දිසානායක මහතාට පසුව ඊලග වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා ලෙස සිටින්නේ ශාන්ත බණ්ඩාර මහතාය ඒ අනුව ඉදිරියේ දී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ඇත.

ජාතික ලැයිස්තුවෙන් හිස්වන මන්ත්‍රීධූරය සදහා ජනාධිපතිවරයා කාම්බෝජ සංචාරය නිමා කර පැමිණි පසු නව මන්ත්‍රීවරයෙක් පත් කරනු ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.