මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට අදාලව යෝජනාවක් ගෙන එන බවට සම අනුග්‍රාහක රටවල් නිවේදනය කරයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ වගවීම,ප්‍රතිසන්ධානය සහ සාමය සඳහා නව යෝජනාවක් මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳ
යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ රටවල් නිවේදනය කර සිටී .

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව පදනම් කර ගනිමින් එම නව යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවද  එම රටවල් මෙහිදී  සඳහන්කර ඇත

ඒ අනුව එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටෙනිග්‍රෝ සහ මලාවි යන රටවල් ඒකාබද්ධව එම යෝජනාව ඉදිරිපත් කරනු ඇත.

යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, බිම් බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නැවත ලබාදීම සහ අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය අතිශයින් අගය කරන අතර රට තුළ තිරසාර සාමයක් ගොඩනැගීමට සහ යුද්ධයෙන් සිදුවූ හානි සඳහා තව බොහෝ දේ සිදුකළ යුතු බවත් එම නිවේදනයේ දක්වා තිබේ.