පැතුම් වික්‍රමරත්න
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර ඉදිරිපත් කර ඇති වාර්තාවට ජනාධිපතිවරයා එරෙහි වන්නේ නම් තම සන්ධානයටද දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවද්රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා අවධාරණය කර සිටී.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව දෙමල ජාතික සන්ධානය ගැටලුවකින් තොරව පිළිගන්නා බවද එම්.ඒ.සුමන්තිරන් මහතා අද (09) යාපනයේ පැවතී මාධ්‍ය හමුවකදී පැවසීය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයක් ලංකාව තුළ පිහිටුවීමට ආරාධනා කළ යුතු බවට සහ ඔවුන්ගේ තාක්ෂණික සහය අඛණ්ඩව ලබාගත යුතුය යන යෝජනාවට තම සංවිධානයේ සහය ලැබෙන බවද ඔහු මෙහිදී පැවසීය.